Saturday, September 25, 2010

කොළඹ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2010.....


මේ උදා වී ඇත්තේ සුවහසක් සාහිත්‍යලොලින් වසරක් තිස්සේ පුල පුලා බලා සිටි සතියක් විය හැකිය.ඒ මන්දයත් 2010-09-18 දින මේ වසර සඳහා වූ ජාත්‍යන්තර පොත් සල්පිලේ සමාරම්භක දිනය විය.මේ ඔබ වෙත දිග හැරෙන්නේ එහි තතුයි.
දිනය :-2010/09/22
සකල ලංකාවාසී සාහිත්‍යකාමී මිනිසුන්ගේ මේ
සතිය තුල සිත්හි ජනිත එක අරමුණක් වන්නේ පොත් සල්පිල නැරඹීමට යාම වන බව නොඅනුමානයි.අපද ඒ ආශාවෙන් ඔද වැඩි සිටියත් ඒසඳහා මිඩංගු කිරීමට තරම් කාලයක් සොයාගත නුහුණු නිසා එය මැඩගෙන සිටින්නට විය .ඉඩෝරයට වූ පොද වැස්සක් මෙන් සති මැද යෙදී තිබුන පෝ දින නිවාඩුව පොත් සල්පිල නැරඹීමට යාමේ නිමිත්ත විය.
කටුබැද්දේ සිට බම්බලපිටිය දක්වාද,එතැන් සිට තෙරපි තෙරපි 154න් BMICH දක්වාද එදින උදේ අපේ ගමන් මග යෙදී තිබුණි.සම්මන්ත්‍රණ ශාලා භූමියට ඇතුළුවත්ම සුපුරුදු දසුන අපගේ නෙතඟ ගැටෙන්නට විය.විවධ සංස්කෘතීන් නියෝජනය කරන,විවධ විලාසිත කරපින්නා සිටින,විවිධ සමාජ පන්තීන්ට අයත් නමුදු සාහිතකාමී දහසකුත් එකක ජනකයකින් ශාලා පරිශ්‍රය පරි පැවතුනි.කෙසේ වුවත් අපි සැවොම ශ්‍රී ලාංකිකයෝ නොවේදැයි සිතමින් අපද ඒ ජන සයුර මැද ගිලි යන්නට වීමු.
මෙවර පොත් ප්‍රදර්ශනයේ කුමක්දෝ අඩුවක් මුල සිටම අපට දැනෙන්නට විය.මෙවර ප්‍රදර්ශනය සීමිත ඉඩකඩකට සිමා වී තිබීම එයට හේතුව විය හැකියි සිතමු.මෙය මෙවර පොත් සල්පිලේ අප දුටු විශාල අඩුපාඩුවකි.විශාල ජනකායකට සංසරණය වීමට ඇති ඉඩ ප්‍රමාණය සිමා වීම අධික තදබදයට ප්‍රධාන හේතුවකි.සිරිමාවෝ ශාලාව තුල එය හොඳින්ම දක්නට ලැබුණි.එම නිසා මිනිස්සුන්ට නිදහසේ පොත්පත් තෝරා ගැනීමට ඇති අයිතිය මඟහැරී ගියාදෝ යැයි විටෙක අපට සිතුණි.
පොත් ප්‍රදර්ශනයේ කුටි වලට ගොඩ වැදීමට ප්‍රථම මෙහි ඉතිහාසය තරමක් දුරට සොයා බැලුවොත් යෙහෙකැයි සිතේ.මෙවර මෙය 12 වැනි වතාවට පවත්වන බව අප කවුරුත් දන්නා දෙයකි.
ඉතිරිය ඉදිරි දවසකදී...........