Friday, June 10, 2011

කෙටි කතාව කියන්නේ මොකක්ද?

අපට ලැබුණ දිගු නිවාඩුව නිසා කාලය ගෙවා දැමීමේ අදහසින් පතපොත කියවීමටතිබුන නැඹුරුව වැඩිවීම මේ ලිපියේ නිමිත්ත විය.ලඟදි කියවන්නට ලැබුණ පෙර අපර දෙදිග කෙටි කතා සමුහයක් නිසා කෙටිකතාව යනු කුමක්දැයි විමසා බැලීමට සිත් විය.මොකද අද බහුතරයක් පිරිස පොත් කියවනුයේ කියවන්නම් වාලේය.කෙටිකතාව සහ නවකතාව අතර වෙනස ,ඒවායේ ව්‍යුහය ගැන නිසි අවබෝදයක් නොමැත.එසේනම් කෙටිකතාවක් කියන්නේ මොකක්දැයි කියා අපි විමසා බලමු.
ශ්‍රී ලාංකික අපිට නම් කෙටිකතාව කියූ සැණින් ඊළඟට සිතට නැගෙන හුරුපුරුදු නම් කිහිපයක් නම් මාර්ටින් වික්‍රමසිංහ,ජි.බි.සේනානායක,කේ.ජයතිලක,ගුණදාස අමරසේකර,මඩවල.s.රත්නායක,ඩබ්ලිව්.ඒ.සිල්වා ය.මන්ද ඔවුන්ගේ නිර්මාණ එතරම්ම ලාංකික සාහිත්‍යයට සමීප නිසාවෙනි.වික්‍රමසිංහයන්ගේ ගැහැණිය(1924),මගුල් කෑම හා වෙනත් චරිතාදර්ශ කතා,පවුකාරයාට ගල්ගැසිම(1936),බිල්ල සහ අපුරු මුහුණ(1945),මගේ කතාව,වහල්ලු.ජි.බී.සේනානායකයන්ගේ දුප්පතුන් නැති ලෝකය(1945),පළිගැනීම(1946),මිතුරිය(1961),ගමන(1983)ද කේ.ඩි.පි.වික්‍රමසිංහගේ විවාහය,රසවිඳීම,පණිවිඩය,තරු එලිය ද ඩබ්ලිව්.ඒ.සිල්වාගේ දෙයියන්ගේ රටේ සහ තවත් කතා,ජෙනීගේ කතාව හා තවත් කෙටිකතා,ලේන්සුව හා තවත් කතා ශ්‍රී ලාංකික කෙටි කතා සඳහා උදාහරණ වේ.
එලෙසම නුතන විශ්ව කෙටිකතාවේ පුරෝගාමීන ලෙස 19 වන සියවසේ එඩ්ගා ඇලන් පෝ (1809-1849),රුසියාවේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්(1991-1837)සඳහන් කල හැකිය.ඉන්පසු එළඹෙනුයේ රුසියානු නව සම්ප්‍රදායේ පුරෝගාමිය වූ නිකොලයි ගොගොල්ගේ සමයයි.දොස්තෝවොස්කි නම් රුසියානු මහා නවකතා කරු "අපි සියල්ලෝම ගොගොල්ගේ හිම කබායෙන් උපන්නෙමු"යයි කීම තුලින් ගොගොල්ගේ මැදිහත්වීමේ තරම අපට ගම්‍ය වේ.ඇමරිකාවේ වොෂින්ටන් අර්වින්,නැතනියෙල් හෝතොන්,හර්මන් මෙල්විල් ආරම්භයේදී කෙටි කතාවේ වර්දනයට දායක වුවෝය.ජර්මනියේ ජොහාන් වොල්ෆ්ගන්ග් වොන් ගතේ,ප්‍රංශයේ මාගරිට් කුමරිය,පීරු රටේ රිච්දෝ පැල්මා,ගෝතමාලාවේ රැපායෙල් කෙටිකතා කලාව තුල පතාක යෝදයන් වුහ.ගී ද මෝපසාන්ගේ මාලය(The Necklace),ගොවිපලේ දැරියකගේ කතාව (The Story of a farm),ලණු කැබැල්ල(The Piece of String) අපට හුරුපුරුදු උසස් බටහිර කෙටිකතා ය.තවද ගොගොල්ගේ හිම කබාය(Overcoat),පිස්සෙකුගේ දිනපොත(The diary of a madman),චෙකොෆ්ගේ හයේ වාට්ටුව(Ward no 6),ගුසෙෆ්(Ggoussiev) පරසිඳු කෙටි කතාවන්ය.
කෙටිකතා කරුවන් හා කෙටිකතා පිලිබඳ දීර්ඝ විස්තර අනවශ්‍ය යැයි සිතමු.අපි පසු දිනක කෙටිකතාවේ ඉතිහාසය හා විකාශනය පිළිබඳව වෙනත් ලිපියකින් විමසා බලමු.මෙලෙස පෙරාපර දෙදිග කෙටිකතා කරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පිලිබඳ මතක කර දෙන ලද්දේ ඒවා රස විද ඇත්නම් නැවත ආවර්ජනය වීම උදෙසාය.

කෙටි කතාව යන නමෙහි "කෙටි" යන පදයෙන්ම කෙටිබව ගම්‍ය වේ.එනම් කෙටි කතාවක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණය වන්නේ කෙටි බවයි.කෙටි වූ කතාව කෙටි කතාව ලෙස නිර්වචනය කල හැකිය.කතාවක් කෙටි වූ පමණින්ම එය කෙටි කතාවක් වන්නේ නැත.මන්ද කෙටි බව යන්න කෙටි කතාවක් වීමට ප්‍රමාණවත් මිනුම් දණ්ඩක් නොවන හෙයිනි.කෙටි කතාවකට ඒකීය ධාරාණාවක් නැති නම් කේවල ඵලාප්තියක් තිබිය යුතුය.එනම් කෙටි කතාව ප්‍රධාන වශයෙන් කිසියම් ප්‍රස්තුත කරුණක් මුලික කර ලියවුණු ,වැල්වටාරම් වලින් බැහැර වුණු ඒකීය භාවයෙන් යුත් කතා විශේෂයක් බව කිව හැකිය.මෙය තව දුරටත් විස්තර කරන්නේ නම් ඒකීය ධාරණාවෙන් යුත් කෙටි ගද්‍ය අඛ්‍යානය කෙටිකතාවයි.එක් ප්‍රබල චරිතාන්ශුවක් හෝ ප්‍රබල සිද්ධියක් හෝ අවධානයට ගනිමින් ඒවාට රාශිභූත වූ ඒකීයත්වයක් ලෙස ඒකීය ධාරණාව හැඳින්විය හැකිය. ඒකීය ධාරණාව(Unity of Impression) කෙටි කතාවක තිබිය යුතු මුලික අංගයන් ලෙස බහුතර විචාරකයන් පෙන්වා තිබේ.
කෙටි කතාවක් යන්න කුමක්දැයි තේරුම ගැනීමට අපිට "ජෝසෆ් බර්ග් එසන්වින්ගේ" අර්ථ දැක්වීම වැදගත්ය.ඔහුට අනුව කෙටි කතාවක මුලික ලක්ෂණ 7 කි.
  1. සංග්‍රහ වන සිද්ධි අතුරෙන් ඒ හැමෙකක්ම අභිබවා යන ප්‍රබල සිද්ධියක් තිබීම.
  2. ඉස්මතුවී තිබෙන එක් ප්‍රධාන චරිතයක් සිටීම.
  3. සත්‍ය කතාවක් නොව කල්පිත කතාවක් වීම.
  4. කතා වින්‍යාසයක් තිබීම.
  5. විස්තීරණත්වයෙන් තොර වීම.
  6. සංවිධානාත්මක වීම.
  7. ඒකීය ධාරණාවක් තිබීම.
ඔහුගේ නිර්වචනය වන්නේ,
"කෙටි කතාව වූ කලි අනෙක් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කරන්නා වුද,මනා අවයව සංවිධානයක් ඇත්තා වුද,ඒකීය ධාරණාවකින් යුක්තවුද කෙටි කල්පිත ආඛ්‍යානයකි"

මෙහිදී මුලික වන්නේ සියල්ල අභිබවයන සේ එක් ප්‍රබල සිද්ධියක් එනම් ඒකීය ධාරණාවක් පැවතීමයි.යථාර්තයෙන් උකහාගත් යම් ප්‍රමාණයක් සහ සිතුවිලි තුල ගොනු වූ යම් දෙයක් සංයෝග කර වඩා සාර්ථක කල්පිතයක් බිහි කරගත හැකිය.එය පරිකල්පනයකි.තවද ප්‍රබල කහ වින්‍යාසයක් තිබිය යුතුය.පාටක ආකර්ෂණය කෙරෙහි කතා වින්‍යාසය තදින්ම බලපායි.එලෙසම කෙටි කතාව අනවශ්‍ය ලෙස දික් නොවිය යුතුය.එනම් විස්තීරණත්වයෙන් තොර විය යුතුය.කෙටි කතාව සංක්ෂිප්ත විය යුතුය.අනවශ්‍ය විස්තර,සිද්ධීන්ගෙන් තොර විය යුතුය.කාලය හා අවකාශයට අනුව ගැලප ගැනීම සහ කතා අවයව යථා පරිදි ගැලප ගැනීම සංවිධානාත්මක වීම යන්නෙන් අදහස් කෙරෙයි.

කෙටි කතාවක් රසවිඳීම,ලිවිම,හඳුනා ගැනීම හෝ විචාරයේදීත් එහි දෘෂ්ටි කෝණය ප්‍රධාන මෙහෙවරක් ඉටු කරයි.දෘෂ්ටි කෝණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.
  1. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය.
  2. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය.
උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව ඉදිරිපත් කරනුයේ "මම" විසිණි.අප කවුරුත් හොඳින් දන්නා උදාහරණයක්‌ නම් ජි.බී.සේනානායකයන්ගේ "නිධානය" කෙටි කතාවයි.මෙහි බිරිඳ සහ මම ප්‍රධාන චරිත වේ.මෙහි මුළු කතාවම කියන ප්‍රධාන චරිතය "මම" වේ.එමගින් ඔහුගේ සිතට එන කරුණු හා හැඟීම වඩාත් උළුප්පා දැක්වීමට හැකිවී තිබේ.
ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය යනු ඔහු හෝ කෙනෙක් විසින් කතාව ඉදිරිපත් කිරීමයි.ගුණදාස අමරසේකරයන්ගේ රතුරෝස මල කෙටිකතා පොතේ "බයිසිකලය" ඊට කදිම උදාහරණයකි.එහි කතානායකයා සියදොරිස් ය.ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයට වඩා පුළුල් අවස්ථා නිරුපන දැක්වීමට යොදා ගනී.ලේඛකයාගේ අධිකාරිත්වයෙන් තොරව කතාව ඉදිරිපත් කිරීමක් ලෙසද සැලකිය හැකිය.මීට අමතරව සර්වවේදී දෘෂ්ටි කෝණය හා නාට්‍යමය දෘෂ්ටි කෝණය යනුවෙන් තවත් දෙවර්ගයක් ඇත.දැන් දෘෂ්ටි කෝණය යනු කුමක්දැයි පැහැදිලි යැයි සිතමු.ඇත්තෙන්ම දෘෂ්ටි කෝණය (The point of View)යනු ලේඛකයා කතාව පාටකයා හමුවට ගෙන එන්නේ කා ලවා දැයි යන්න වේ.මහාචාර්ය විමල් දිසානායකයන්ට අනුව එය "සිය අත්දැකීම් නිරුපණය කිරීම පිණිස රචකයා විසින් තොර ගනු ලැබ ඇති මාර්ගය"වේ.

කෙටිකතාවක භාෂාව පරිහරණයද වැදගත් තැනක ගනී.රචකයා තම අත්දැකීම් කියවන්නාට තේරුම ගැනීමට නම් විධිමත් භාෂාවක් යොදාගත යුතුය.එහිදී ව්‍යාකරණ මැනවින් රැකීම පමණක් නොව එහි භාවාත්මක බව ගැනද සැලකිලිමත් විය යුතුය.කතාව තුල ඇති ජීව ගුණය පවත්වාගෙන යාමට හා පරිශීලකයාට එය ඒත්තු ගැන්වීමට ඒ ඒ චරිතයට අනුව බස හැසිර වීම,හාස්‍ය රසය,උත්ප්‍රාසය දනවන උපමා රුපකාර්ථ යොදමින් කතාකරණය කල යුතුය.

කෙටිකතාව කියවා හමාර කර මෙම කරුණු ගැනද අවධානය යොමු කිරීමෙන් එම කෙටි කතාව පිළිබඳ අපට හොඳ අදහසක් ලබා ගත හැකිය.තවත් ලිපියකින් හමුවෙමු............

(ලිපිය පිලිබඳ ඔබේ අදහස් ලබා දෙන්නේ නම් ස්තුතිවන්ත වෙමි. )

15 comments:

  1. engineering අතැරලා සිංහල කරමුද?

    ReplyDelete
  2. nice machan...full of important details...kiyawanna kiyawanna asa hitenawa...digatama liyanna.

    ReplyDelete
  3. Max!!! Keep it up Mani!!
    ~Sugith~

    ReplyDelete
  4. mata lipiya kiyawaddi keti kathawak liyanna asa hithunaa...digatama liyanna aiya..all the best

    ReplyDelete
  5. මනියෝ මේ කමෙන්ට් එක අල කමෙන්ට් එකක් වෙන්න පුළුවන්. ඒත් බං මට කියෙව්වම හිතුන දේ තමයි මේ ...ලිපිය නම් සිරා.. කියන්න ඕන ඔක්කොම වගේ තියෙනවා..ඒත් මචං මේක පොඩ්ඩක් කෙටි වුනා නම් හොඳයි කියලා මට හිතෙනවා.. ඒ කියන්නේ කොටස් 2 කින් වගේ ලිව්වා නම්.... අනිත් ඒක තමයි මචං, මේ වගේ ලිපි ලියද්දි පොඩ්ඩක් ලිඛිත භාෂාවෙන් ඈත් වෙලා කතා කරන විදියට ලිව්වා නම් ටිකක් ලේසියෙන් කියවන්න පුළුවන්.. පොඩි කික් එකක් තියෙනවනේ එතකොට.... වැරද්දක් හිතන්න එපා මචං. හිතුන දේ කිව්වේ..

    ReplyDelete
  6. great article..proud of you manii
    Keep it up

    ReplyDelete
  7. ඔබ ඉන්න විෂයත් එක්ක මේ වගේ කියවීමක ඉන්න එක ගැඅන හදවතින්ම සතුටුයි.

    ReplyDelete
  8. ඇත්තටම නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා.මේ වගේ articles වලින් දැනුම ලබා ගන්න පුළුවන් වුණ එක ගැන ගොඩාක් සතුටුයි.Great article

    ReplyDelete
  9. Supirima godak dewal thiye danaganna man A/L krn kollek mata wadagath karunu godak dana ganna labuna

    ReplyDelete
  10. තව ලිපියක් දාන්න කෙටි කතාවක් ලියන්න පටන් ගන්න විදිය

    ReplyDelete
  11. නව කතාවක් කියන්නෙ මොකක්ද

    ReplyDelete
  12. godak watina dewal tkk danaganna puluwann una.. thawath lipiyak enkn balan innwa

    ReplyDelete